Watch : මංගල IPL තරගයේ දී සුපිරි වේගයකින් පන්දු යැවූ මයාන්ක් යාදව්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ඊයේ (30) නිමා වුණේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.

ලක්නව් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායමට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

මෙම තරගයේ දී ලක්නව් පිල වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමි කර ගත් මයාන්ක් යාදව් පිළිබද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගනිමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් වූ අතර, ඔහු පන්දු යැවූ වේගය ද ඉතා ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනුණා.

ඔහු යොමු කළ එක් පන්දුවක් පැයට කිලෝ මීටර් 155.8 ක වේගයෙන් යොමු කර තිබුණා. (දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...