දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට සුපිරි ජයක්

Date:

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(30) සමත් වුණා.

Potchefstroom හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු ලකුණු හයකටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12 කටත්, හසිනි පෙරේරා එක් ලකුණකටත් දැවී ගියා.

ලකුණු 62 දී තෙවැනි කඩුල්ල දැවී යාමෙන් පසුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 76* (46) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න හා කවීෂා දිල්හාරි.

විශ්මි නොදැවී ලකුණු 65 ක් ලබා ගත්තේ පන්දු 57 කින්. හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇයගේ ඉනිමට ඇතුළත්. කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 45 යි.  පන්දු 28 කින් වාර්තා වූ ඇයගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 84 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වූ නමුත්, අවසන් පන්දුවාර 10 තුළ දී සටනට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම පන්දුවාර 10 තුළ දී ලකුණු 53 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු හයක් දවා ගැනීමට සමත් වුණා.

Anneke Bosch ලකුණු 50 ක් හා Marizanne Kapp ලකුණු 44 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා. දකුණු අප්‍රිකා ඉනිමේ දී දුවද්දී දැවී යාම් තුනක් වාර්තා වීමත් කැපී පෙනුණා.

අද ශ්‍රී ලංකාව ලැබූ ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...