තුන්කොන් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Date:

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට දී ඊයේ(28) පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 117 ක් ලබා ගත්තා.

සංජනා කාවින්දි ලකුණු 28 ක් රැස් කළ අතර, සුමුදු නිසංසලා ලකුණු 19 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Hasrat Gill හා Eleanor Larosa කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

Eleanor Larosa නොදැවී ලකුණු 44 ක් රැස් කළා.  පන්දු යැවීමේ දී දෙව්මි විජේරත්න කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...