පරාග්ගේ ප්‍රහාරය හමුවේ රෝයල්ස් කණ්ඩායමට ලකුණු 12 ක ජයක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(28) සමත් වුණා.

ජායිපූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 173 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 49(34) ක් රැස් කළ අතර, ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ස්ටබ්ස්ගේ ඉනිමට ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 17 ක් අවශ්‍ය වූ නමුත්, අවේශ් ඛාන් යොමු කළ එම පන්දුවාරයේ දී ට්‍රිස්ටන් ස්ටබ්ස්ට හා අක්සාර් පටෙල්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 4 ක් පමණයි.

අක්සාර් නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා. නායක රිෂාබ් පාන්ට් ලකුණු 28යි. වෝනර් සමගින් ඉනිම ඇරඹූ මිචෙල් මාෂ් ලකුණු 23 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නන්ඩ්‍රි බර්ගර් හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා සිටියේ ලකුණු 58 ක් පමණයි. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ආර් අශ්වින් පන්දු 19 කින් ලකුණු 29 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සමගින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රියාන් පරාග් පන්දු 45 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පරාග් විසින් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී අන්රික් නොකියාට එරෙහිව ලකුණු 25 ක් වාර්තා කිරීම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...