Watch : නොකියාට එරෙහිව අවසන් පන්දුවාරයේ දී රියාන් පරාග් ගහපු ලකුණු 25

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ රියාන් පරාග් අද(28) සමත් වුණා.

ජායිපූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථානය කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී රියාන් පරාග් පන්දු 45 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පරාග් විසින් ඉනිමේ අවසන් පන්දුවාරයේ දී අන්රික් නොකියාට එරෙහිව ලකුණු 25 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ පළමු පන්දු පහට ඔහු පිළිවෙලින් 4, 4, 6, 4, 6 වාර්තා කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...