වනිදු හසරංගගේ IPL ගමන තවත් කල් යයි

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගත වන තුරු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ විලුඹ ප්‍රදේශයේ පවතින ආබාධයක් මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බැවින්.

ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වීමට නියමිතව ඇති බව ද සදහන්.

මෙම මාසයේ පැවැති බංග්ලාදේශයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා හසරංග ක්‍රීඩා කළ නමුත්, ඔහු මෙම ආබාධය හේතුවෙන් සැලකිය යුතු වේදනාවක් සහිතව එම තරග සදහා ක්‍රීඩා කර ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයේ සැබෑ ස්වභාවය සහ එය කළමනාකරනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරු හසරංගට දැනුම් දී ඇති අතර, ඒ අනුව ඔහු ඉදිරියේ දී විදෙස්ගත වී අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවල නිරත වනු ඇති.

වනිදු මෙතෙක් සන්රයිසස් කණ්ඩායම සමග එක් වී නොමැති අතර, ඒ සදහා නිශ්චිත දිනයක් ද මෙතෙක් තීරණය කර නැහැ.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ද ඔහු වන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා වනිදු හසරංගගේ ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජූනි මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීමයි.

ඒ අනුව ඔහුගේ ආබාධය සුව කර ගැනීම සදහා තවදුරටත් විවේක ගැනීමට හෝ තවදුරටත් ප්‍රතිකාර ලබා ගැනීමට හෝ පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට ඔහුට සිදුවුවහොත් අයි.පී.එල් තරගාවලිය සදහා ඔහුගේ සම්බන්ධ වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති.

වනිදු හසරංග 2022 අදියරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 26 ක් දවා ගත් අතර, මෙවර තරගාවලිය සදහා ඔහුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.4 ක පමණ වටිනාකමක් යටතේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...