සුපර් කිංග්ස් පිලට ලකුණු 63 ක දැවැන්ත ජයක් – මතීෂත් කඩුලු අතරට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

සායි සුදර්සන් ලකුණු 37 ක් රැස් කළ අතර, ව්රිධිමන් සහා හා ඩේවිඩ් මිලර් ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 29 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

ඔහුට අමතරව දීපක් චහාර්, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශිවම් ඩූබේ ලකුණු 51 ක් ලබා ගත්තේ පන්දු 23 කින්. හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් වූ රචින් රවීන්ද්‍ර (පන්දු 20කින්) හා නායක රුටුරාජ් ගයික්වඩ් (පන්දු 36කින්) ලකුණු 46 බැගින් ලබා ගනිමින් චෙන්නායි ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 49 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...