අහිමි කළ කොන්ත්‍රාත්තුව රවුෆ්ට යළි ලැබෙයි ; සභාපතිවරයෙකු නොමැති තේරීම් කමිටුවකුත් නම් කෙරේ

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ්ට ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම යළි ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi සදහන් කළේ හැරිස් රවුෆ්ගේ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට ගත් තීරණය වැරැදි අවබෝධය මත ගත් වැරැදි තීරණයක් බවයි.

“හැරිස් රවුෆ්ගෙන් මට ලිපියක් ලැබුණා, ඔහු ඔහුගේ නඩුව ඉතා ලස්සනට ඉදිරිපත් කළා.” යනුවෙන් සභාපතිවරයා ලාහෝර් නුවර පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

“වැරදි වැටහීමක් හේතුවෙන් වැරදි තීරණයක් ගෙන තිබුණා. ඔහුගේ කොන්ත්රාත්තුව යළි ලබා දී තිබෙනවා. ඔහු ආබාධයකට ලක් වී ඇති නිසා මම ඔහු ගැන කනස්සල්ලට පත් වුණා. ඔහුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සපයන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් ඇති වුණා. ඔහු අපේ ප්‍රධාන ක්‍රීඩකයා නිසා දැන් අපට රක්ෂණ ආවරණයක් ලැබේවි. ඔහු ගැන සැලකිලිමත් වීම වැදගත්”

හැරිස් රවුෆ්ගේ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම මෙලෙස යළි ඔහුට ලබා දීමට පියවර ගෙන ඇත්තේ එය අවලංගු කර සති හයක් ගත වීමටත් පෙරයි.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමත් සමග මෙම තීරණය වෙනස් කිරීම කැපී පෙනෙනවා.

ඔහු පසුගිය වසර අවසානයේ දී ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙනුයි ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විභාග කිරීමකින් පසුවයි.

එම දඩුවමට අමතරව රවුෆ්ට 2024 වසරේ ජූනි 30 වැනිදා වනතුරු කිසිදු විදෙස් ලීග් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා අවසර (NOC) ලබා නොදීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා අවසන් මොහොතේ දී එක් නොවන බවට හැරිස් රවුෆ් ප්‍රකාශ කිරීමත් සමග අදාළ තරගාවලියට පාකිස්තානයට ක්‍රීඩා කිරීමට සිදු වූ අත්දැකීම් අවම වේග පන්දු යැවීමේ බලඇණියක් සමගින්. ඒ, නසීම් ශාහ්ට ද ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි වූ බැවින්. අදාළ ටෙස්ට් තරගාවලියෙන් පාකිස්තානය තරග 3-0 ක් ලෙස පරාජයට පත් වුණා.

නමුත්, එම කාලයේ දී ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා හැරිස් රවුෆ් ක්‍රීඩා කළ අතර, ඒ සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද අවසර ලබා දී තිබුණා.

මේ අතර, නම් කෙරුණු නව තේරීම් කමිටුවට සභාපතිවරයෙකු පත් කර නොමැති අතර, හිටපු තේරීම් කමිටු සභාපති වහබ් රියාස් මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස තනතුරින් පහතට දමා තිබෙනවා.

අසාඩ් ශෆික්, මොහමඩ් යුෆුස් හා අබ්දුල් රසාක් වැනි හිටපු ක්‍රීඩකයින් ද තේරීම් කමිටුවට ඇතුළත්. ඊට අමතරව නව ප්‍රධාන පුහුණුකරු, නායකයා හා දත්ත විශ්ලේශකවරයා ද තේරීම් කටයුතු සදහා එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...