පිට පිට 12 වැනි වසරටත් මුම්බායි පළමු තරගය පරදියි – ටයිටන්ස් පිලට ලකුණු හයක අනපේක්ෂිත ජයක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු හයක තියුණු හා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(24) සමත් වුණා.

ප්‍රේක්ෂකයින් 80,000 කට අධික පිරිසක් ඉදිරියේ අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.

ඉෂාන් කිෂන් ලකුණු නොලබා පළමු පන්දුවාරයෙන්ම දැවී ගිය අතර, රෝහිත් ෂර්මා ලකුණු 43 යි. නාමන් ධීර් ලකුණු 20 කට දැවී ගියා. ඩිවාල්ඩ් බ්‍රේවිස් ලකුණු 46 ක් රැස් කළා.

අවසන් පන්දුවාර 5 තුළ දී මුම්බායි කණ්ඩායමට ජයග්‍රහනය සදහා ලකුණු 43 ක් පමණක් ලබා ගත යුතුව තිබූ නමුත්, 16 වැනි පන්දුවාරයේ දී බේවිස් දැවීයාමත් සමග තරගයේ ජයග්‍රහනය දෙපිලටම දෝලනය වීම ආරම්භ වුණා.

තිලක් වර්මා ලකුණු 25 කටත්, ටිම් ඩේවිඩ් ලකුණු 11 කටත් දවා ගැනීමට ටයිටන්ස් පන්දු යවන්නන් සමත් වීමත් සමග තරගයේ පාලනය මුම්බායි කණ්ඩායමෙන් ගිලිහී ගියා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 19 ක් අවශ්‍ය වූ අතර, පළමු පන්දු දෙකට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමින් නායක හර්ඩික් පාන්ඩ්යා මුම්බායි පිල යළි සටනට අවතීර්ණ කළා. කෙසේ වෙතත්, අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී ඔහු දැවී යාමත් සමග මුම්බායි කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බොද වී ගියා.

තරගයේ අවසන් පන්දු 13 තුළ දී මුම්බායි කණ්ඩායමේ කඩුලු පහක් දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි, උමේෂ් යාදව්, ස්පෙන්සර් ජොන්සන් හා මොහිට් ෂර්මා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් පිල වෙනුවෙන් සායි සුදර්සන් ලකුණු 45 ක් හා නායක ෂුබ්මන් ගිල් ලකුණු 31 ක් ලබා ගත්තා. රාහුල් තෙවාටියා ලකුණු 22 යි.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14 කට කඩුලු 3ක් දවා ගත් අතර, ජෙරාල් කොට්සියා ලකුණු 27 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියක තමන් ක්‍රීඩා කළ පළමු තරගය අවසන් වරට ජය ගෙන ඇත්තේ 2012 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...