වසර 5යි මාස 5යි දින 5කට පසු මුම්බාය ජය ගනියි – Match Report

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව වසර 5යි මාස 5යි දින 5කට පසුව තරග ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 20 වැනි තරගයෙන් මුම්බායි පිල ලකුණු 57ක විශිෂ්ඨ ජයක් රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමත් සමගයි.

මුම්බායි කණ්ඩායමක් අවසන් වරට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමක් පරාජයට පත් කර තිබුණේ 2015 වසරේ මැයි පළමු වැනිදායි.

අනතුරුව කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසුණු අවස්ථා 4 දී ම රාජස්ථාන් කණ්ඩායමටයි ජය හිමි වුණේ.

අබුඩාබි හි අද(6) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේ සූර්යකුමාර් යාදෙව් පන්දු 47කින් නොදැවී රැස් කළ ලකුණු 79න් සවිමත් වෙමින්.

නායක රෝහිට් ෂර්මා ලකුණු 35ක් සහ හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී ෂ්රෙයස් ගෝපාල් ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මුම්බායි පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 12ක්ව තිබියදී බිද වැටුණා.

කෙසේ වෙතත්, හුදෙකලා සටනක නිරත වූ ජොස් බට්ලර් පන්දු 44කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 70ක් ලබා ගත් නමුත් එය රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 18.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 136ක් පමණයි.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 20කට කඩුලු 4ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...