බට්ලර් දවා ගැනීමට පොලාඩ් රැකගත් සුපිරි උඩ පන්දුව

Date:

මුම්බායි ඉන්දියන්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් යනු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම විශිෂ්ඨ පන්දු රකින්නෙකු බව අවස්ථා ගණනාවකදීම සනාථ කර තිබෙනවා.

ඔහු අතින් උඩ පන්දුවක් ගිලිහී ගිය අවස්ථාවක් වාර්තා වී ඇත්තේ සැබවින්ම බොහෝ කලාතුරකින්.

අයි.පී.එල් තරග ඉතිහාසයේ දී ද ඔහු සුපිරි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති බව ඔබට මතක ඇති.

එවැනි සුපිරි සහ අතිශය වැදගත් උඩ පන්දුවක් රැක ගැනීමට කිරන් පොලාඩ් අද(6) දිනයේ දී ද සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

එහිදී පන්දු 44කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 70ක් ලබා මුම්බායි පිලට දැඩි තර්ජනයක් වෙමින් සිටි ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි කිරන් පොලාඩ් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඊට අදාළ දර්ශන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...