ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට අමිහිරිම පරාජයක් උරුම කර දුන් ඔබුයා ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

කෙන්යානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Collins Obuya ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ, අප්‍රිකානු ක්‍රීඩා උළෙල යටතේ පැවැති ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයේ දී උගන්ඩාව හමුවේ ලැබූ පරාජයෙන් පසුවයි.

මේ වන විට 42 වන වියේ පසුවන ඔහු වසර 23 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටියා.

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා කෙන්යාව රැගෙන යාමට ඔහු සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරනු ලැබුවා.

එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරදා කෙන්යාව ලැබූ පෙරළිකාර ජයග්‍රහනයේ දී ලකුණු 24 කට කඩුලු 5 ක් දවා ගැනීමට Obuya සමත් වුණා.

එහිදී අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයින්ගේ කඩුලු ඔහු දවා ගත්තා.

Collins Obuya කෙන්යාව වෙනුවෙන් එක්දින තරග 104 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 2,044 ක් රැස් කිරීමටත්, කඩුලු 35 ක් දවා ගැනීමටත් සමත් වුණා.

ඔහු ක්‍රීඩා කර ඇති විස්සයි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 76 ක්. එහිදී ලකුණු 1,794 ක් රැස් කර ගත් ඔහු දවා ගත් කඩුලු ගණන 25 ක්.

විස්සයි 20 තරගවලදී කෙන්යාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇති පිතිකරුවා වන්නේ ද Collins Obuya.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...