ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදිරියෙන්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (23) නිමා වුණේ තරගයේ පාලනය යම් තරමකට තවදුරටත් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 211 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 23 ක් හා විශ්ව ප්‍රනාන්දු ලකුණු 2 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

නිශාන් මදුෂ්ක ලකුණු 10 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22කටත් දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නහිද් රානා ලකුණු 42 කට කඩුලු දෙකක් දවා ගත්තා.

සිල්හෙට් හී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 32 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 ක්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 280 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...