ICC Rankings : පැතුම් නිස්සංක පළමු 10 දෙනා අතරට

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා.

ඒ අනුව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව සිටිනවා.

ඔහු 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 151 ක් වාර්තා කරමින් පැතුම් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනුයි ඔහු පළමු ස්ථාන 10 අතරට පිවිසීමට සමත්ව ඇත්තේ.

මේ අතර, මැදපෙල පිතිකරු චරිත් අසලංක බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දී ලකුණු 146 ක් රැස් කළ අතර, ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, අයර්ලන්තයට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී යළි ජාත්‍යන්තර පිටියට පිවිසෙමින් දක්ෂතා දැක් වූ රෂීඩ් ඛාන් විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට යළි පිවිස තිබෙනවා. ඔහු ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් සම 9 වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

විස්සයි 20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය වනිදු හසරංගටත්, 5 වැනි ස්ථානය මහීෂ් තීක්ෂණටත් හිමියි. වනිදු විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...