Watch : කඩුලු පහෙන් පසු ක්‍රීඩක විවේකාගාරයේ දී ඉමාඩ් වසීම් දුම් පානය කළ හැටි

Date:

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර දී ක්‍රීඩක විවේකාගාරය තුළ දුම් පානය කරන අයුරු සජීවීව විකාශය වීමත් සමග ඒ පිළිබද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවක් දක්නට ලැබෙනවා.

ඊට අදාළ වීඩියෝව මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් පවතින අයුරු දැකිය හැකියි.

කරච්චි හී දී පැවැති අවසන් මහා තරගයෙන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක ජයක් වාර්තා කළ යුනයිටඩ් කණ්ඩායම මෙවර PSL ශූරතාවය දිනා ගත් අතර, අවසන් තරගයේ දී යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ඉමාඩ් වසීම් සමත් වුණා.

පන්දු යැවීමේ දී කඩුලු 5 ක් දවා ගත් ඔහු අනතුරුව ක්‍රීඩක විවේකාගාරයේ රැදී සිටියදී යි දුම් පානය කරන ආකාරය දැක ගත හැකි වු‍ණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...