මුල්තාන් පිල පිට පිට තෙවැනි අවසන් තරගයත් පරදියි – PSL ශූරතාවය තෙවැනි වරටත් යුනයිටඩ් කණ්ඩායමට

Date:

කඩුලු පහක් දවා ගනිමින් ඉමාඩ් වසීම් ප්‍රදර්ශනය කළ තුන් ඉරියව් දක්ෂතා හමුවේ 2024 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමත් වුණා.

ඒ, කරච්චිහී දී පැවැති අවසන් මහා තරගයේ දී මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු දෙකක අමිහිරි පරාජයක් අත් කර දෙමින්.

යුනයිටඩ් කණ්ඩායම PSL ශූරතාවය දිනූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, සුල්තාන්ස් කණ්ඩායම PSL අවසන් මහා තරගයක් අඛණ්ඩව පරාජයට පත් වූ තෙවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. ඔවුන් පසුගිය අදියරේ දී ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම හමුවේ අවසන් තරගයේ දී පරාජයට පත් වූයේ එක් ලකුණකින්.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණූ 159 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අවසන් පන්දුවේ දී කඩුලු 8ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා යුනයිටඩ් කණ්ඩායමට ලකුණු 8 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දුවේ දී ඔවුන්ට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණයක් එකක්.

අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී නසීම් ශාහ් දැවී ගිය අතර, අවසන් පන්දුවේ දී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමේ වගකීම පැවරුණේ හුනයින් ශාහ්ටයි. ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම ජය්‍රහනය කරා රැගෙන ගියා. (දර්ශන පහතින්)

යුනයිටඩ් ඉනිම වෙනුවෙන් මාර්ටින් ගප්ටිල් ලකුණු 52(30) ක් හා අසාම් ඛාන් ලකුණු 30(22) ක් රැස් කළා. ඉමාඩ් වසීම් නොදැවී ලකුණු 19(17) යි. පන්දු යැවීමේ දී කුෂ්දිල් ශාහ් හා ඉෆ්ටිකාර් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ඛාන් ලකුණු 57 ක් රැස් කළේ පන්දු 40 කින්. ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 32(20) යි. නායක මොහමඩ් රිස්වාන් ලකුණු 26 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම් කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 23 ක් ලබා දෙමින්. නායක ශඩාබ් ඛාන් ලකුණු 32 කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...