මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට විදෙස් වේග පන්දු යවන්නෙකු ආදේශක කෙරේ

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුක් වුඩ් සමග එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් වෙනුවටයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට ඔහු සමග මුම්බායි කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

ලුක් වුඩ් විස්සයි 20 තරග 140 කදී කඩුලු 147 ක් දවා ගෙන ඇති අතර, එංගලන්තය වෙනුවෙන් ද විස්සයි 20 ජාත්‍යන්තර තරග 5ක් සදහා ඔහු ක්‍රීඩා කළා.

ඔහු BBL, PSL හා BPL වැනි විදෙස් ලීග් තරගාවලි සදහා මෙන්ම එංගලන්තයේ The Hundred තරගාවලිය සදහා ද ක්‍රීඩා කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙය ඔහු අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන පළමු අවස්ථාවයි.

මුම්බායි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින අතර, ඒ හේතුවෙන් ඔහුට ද අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයේ තරග අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ශල්‍යකර්ම දෙකකට මුහුණ දී යථා තත්ත්වයට පත් වෙමින් සිටින මුම්බායි පිතිකරු සූර්යකුමාර් යාදව්ට ද මෙවර අයි.පී.එල් තරගාවලිය යටතේ මුම්බායි පිල ක්‍රීඩා කරන පළමු තරගය අහිමි වීමේ අවධානමක් පවතින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...