NSL 12 වැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් – රොන්, නිපුන්, දසුන් හා නුවනිදුගෙන් ශතක

Date:

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ හා යාපනය කණ්ඩායම් අතර පැවැති 12 වැනි තරගය ඊයේ(17) ජය පරාජයෙන් තොරව නිමා වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 491 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 592 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.

තරගයේ අවසන් දිනය ඊයේ නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය පිල කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 146 ක්.

යාපනය පළමු ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත (128) හා නිපුන් කරුණානායක (119) ශතක වාර්තා කළ අතර, කොළඹ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 180 ක් ලබා ගත්තා. දසුන් ශානක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 118 ක්.

මේ අතර, තරගාවලියේ 11 වැනි තරගයෙන් මහනුවර කණ්ඩායම පරදා කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට ගාලු කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට පැවැති තරයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 210 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාලු පිල රැස් කළ ලකුණු සංඛ්‍යාව 248 ක්.

මහනුවර දෙවැනි ඉනිම ලකුණු 144 කට සීමා වුණේ තරගය ජය ගැනීම සදහා ගාල්ලට ලකුණු 107 ක ඉලක්කයක් හිමි කර දෙමින්. ගාලු කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කයට ළගා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...