ජනිත්ගේ සුපිරි ශතකය හමුවේ ශ්‍රී ලංකාවෙන් සැනසුම්දායක ලකුණු පුවරුවක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ජය ගනිමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 236 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, චිතගොං හී දී අද (18) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 235 ක් ලබා ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය එක් ලකුණට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණකට දැවී ගියා. ටස්කින් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී ගිය නමුත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ එය නොදැවී යාමක් බවයි. කෙසේ වෙතත්, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම විනිසුරු තීරණය පැතුම් අභියෝගයට ලක් නොකිරීම නිසා ඔහුට ක්‍රීඩාගාරය බලා පිටත්ව යාමට සිදු වුණා.

යළි අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 14 යි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 37 ක් ලබා සිටියදී දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. වනිදු හසරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11 ක්.

අනෙක් අන්තයෙන් කඩුලු එකින් එක බිද වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් අංක 6 පිතිකරු වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ පන්දු 102 කින් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

ඉනිමේ හොදම සම්බන්ධතාවය ජනිත් හා මහීෂ් තීක්ෂණ අතර ගොඩ නැගුණේ 7 වැනි කඩුල්ල ලකුණු 154 දී බිද වැටීමෙන් පසුවයි. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට ලකුණු 60 (78) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. තීක්ෂණ ලකුණු 15 යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 42 කට කඩුලු 3ක් දවා ගත් අතර, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...