මදුෂංකගේ ආබාධයේ තවත් තොරතුරු හෙළි ‌කෙරේ – IPL ගිවිසුම දැඩි අවධානමක

Date:

බංග්ලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ‌වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට සති 4 – 6 අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවට අපේක්ෂා කෙරෙන්නේ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පවසනවා.

හෙට(18) චිතගොංහීදී බංග්ලාදේශය සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

නමුත්, ඔහුට කොපමණ කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වේදැයි මේ මොහොතේ නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි හෙතෙම කියා සිටියේ.

කෙසේ වෙතත්, ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ජූනි මාසයේ දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව යොදා ගැනීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි සහාය පුහුණුකරු පෙන්වා දුන්නේ.

ඒ අනුව මදුෂංකට එළඹෙන 22 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයේ තරග අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති.

අයි.පී.එල් තරගාවලිය මැයි 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ජූනි පළමු වැනිදා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ඇතැම් විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මදුෂංක වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට කටයුතු නොකළහොත්, ඔහුට අයි.පී.එල් තරගාවලියේ අවසන් අදියරේ තරග ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි යම් සුළු බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

නමුත්, පවතින තත්ත්වය මත ඔහුට සමස්ත අයි.පී.එල් තරගාවලියම ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ දැඩි අවධානමක් ද පවතිනවා.

ඔහුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 4.6 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 17 ක පමණ වටිනාකමක් යටතේයි.

මුම්බායි ඉන්දියන්ස් සංචිතය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...