බංග්ලාදේශ එක්දින සංචිතයට වේග පන්දු යවන්නෙකු ආදේශ කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් එක්දින තරගය අරමුණු කර ගනිමින් වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් සංචිතයට ආදේශ කිරීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක් වීම නිසා අවසන් එක්දින තරගය අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් සකිබ් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

ඉරිදා දිනයේ දී පුහුණුවීම්වල නිරතව සිටියදී ඔහුගේ දකුණු පාදයේ ආබාධයක් සිදුව ඇති බව සදහන්.

“Tanzim is experiencing pain and discomfort of his right hamstring. He did not feel any better at training today and is not fit to play tomorrow,” යනුවෙන් ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක Bayjedul Islam Khan සදහන් කළා.

දෙවැනි එක්දින තරගය සදහා ක්‍රීඩා කළ සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම්. ඔවුන් දෙදෙනා අවසන් එක්දින තරගය සදහා ද ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, සංචිතයේ රැදී සිටින අනෙක් වේග පන්දු යවන්නා වන්නේ මුස්ටර්ෆිසුර් රහ්මාන්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීම සදහා ටන්සිම් හසාන් සකිබ් සුවිශේෂී කාර්යයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගත්තේ ඔහු විසිනුයි.

එම තරගයේ දී ද ඔහු පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සිය 9 වැනි පන්දුවාරය සම්පූර්ණ කිරීමට ද හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, දෙවැනි එක්දින තරගය සදහා ද ඔහු ක්‍රීඩා කළ අතර, එම තරගයේ දී ඔහු ලකුණු 65 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

තෙවැනි හා අවසන් එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට(18) පෙරවරු 9.30 ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...