බංග්ලාදේශ ප්‍රබල ක්‍රීඩකයෙකුටත් අවසන් එක්දින තරගය අහිමි වෙයි

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් සකිබ්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීම සදහා ඔහු සුවිශේෂී කාර්යයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගත්තේ ඔහු විසිනුයි.

එම තරගයේ දී පන්දුවාර 8.4 ක් පමණක් ඔහු යොමු කළේ ද පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, දෙවැනි එක්දින තරගය සදහා ද ඔහු ක්‍රීඩා කළ අතර, එම තරගයේ දී ඔහු ලකුණු 65 කට දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.

බංග්ලාදේශයට එරෙහි අවසන් එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ද අහිමි වී ඇත්තේ පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

තෙවැනි හා අවසන් එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට(18) පෙරවරු 9.30 ට චිතගොංහී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...