Watch : රතු පන්දුවට සමු දෙන මැතිව් වේඩ් සමරවීරට යවපු පන්දුවාරය මතකද?

Date:

ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවෙකු වන මැතිව් වේඩ් පළමුපෙල ක්‍රිකට් පිටියට සමු දීමට පසුගියදා තීරණය කළ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

එළඹෙන බ්‍රහස්පතින්දා පර්ත් හී දී බටහිර ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී තස්මේනියා කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගයෙන් පසුව රතු පන්දු පිටියට සමු දීමට නියමිතයි.

අවසන් තරගය ක්‍රීඩා කරන බැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීම ද දින කිහිපයකින් ප්‍රමාද වනවා.

කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඔහුව ලොව පුරා සියලු ක්‍රීඩාලෝලීන් හදුනා ගෙන ඇති බව නොරහසක්.

කෙසේ වෙතත්, cricket.com.au වෙබ් අඩවිය විසින් ඔහු පන්දු යවන ආකාරය ඇතුළත් අපූර්ව වීඩියෝවක් සමාජ මාධ්‍ය ගිණුම් හි පල කර තිබෙනවා.

ඔහු ටෙස්ට් පිටියේ දී යොමු කළ පළමු පන්දුවාරය එය වන අතර, එම පන්දුවාරය ඔහු යොමු කළේ 2012 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය යටතේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ඔහු යොමු කළ එකම පන්දුවාරය වූ එම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසයි සටහන් වුණේ.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී තරග 36 ක් ක්‍රීඩා කර ඇති ඔහු ඉනිම් 4කදී පමණක් පන්දු යවා තිබෙනවා. එහිදී පන්දු 30ක් තුළ 28 ක් ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී ඇති අතර, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වී නැහැ.

තිලාන් සමරවීරට එරෙහිව ඔහු පන්දු යවන ආකාරය ඇතුළත් අදාළ වීඩියෝව බොහෝ ක්‍රීඩාලෝලීන්ට සංවේදී වීඩියෝවක් ද වනු නොඅනුමානයි.

ඊට හේතුවන්නේ මැතිව් වේඩ් පන්දු යවන අවස්ථාවේ දී ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යය ඉටු කිරීමේ වගකීම භාර ගන්නේ මීට වසර 9කට පමණ පෙර මිය ගිය පිල් හියුස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...