ලෝක ශූරයෙක් ශ්‍රී ලංකා නව වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු ලෙස පාකිස්තාන ජාතික ආකිබ් ජාවෙඩ් (Aaqib Javed) පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

51 හැවිරිදි ඔහු 1988 වසරේ සිට 1998 වසර දක්වා වූ කාලයේ දී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 22 ක් හා එක්දින තරග 163 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන 236 ක්.

එළඹෙන ජූනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු ඔහු ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

1992 එක්දින ලෝක ශූරතාවය දිනූ පාකිස්තාන සංචිතයේ ද සාමාජිකයෙකු වූ ආකිබ් ජාවෙඩ් මීට පෙර ජාතික කණ්ඩායම් කිහිපයකම පුහුණු කාර්යය මණ්ඩල වෙත ඇතුළත්ව සිටියා.

පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේ දී යි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තත්ත්වය ලබා ගත්තේ. එමෙන්ම එම කාලයේ දී එමීර් රාජ්‍ය කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලිය සදහා ද ක්‍රීඩා කළා.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට 2004 වසරේ දී ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා ද පුහුණුකරු ලෙස මග පෙන්වූ ආකිබ් ජාවෙඩ් පාකිස්තාන කණ්ඩායම 2009 වසරේ දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය ජය ගන්නා විට එරට කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

මේ වන විට Lahore Qalandars කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන පුහුණුකරු වන්නේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...