රෂීඩ්ගේ ආගමනය අමිහිරි කරමින් ඇෆ්ඝනිස්තානය 111 කට දැවී යයි – අයර්ලන්තයට ජය

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

මාස ගණනාවකට පසු රෂීඩ් ඛාන් මෙම තරගයේ දී යළි ජාත්‍යන්තර පිටියට පිවිසි අතර, ඔහු පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 19 කට දවා ගැනීමට සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ දී අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 149 ක් රැස් කළේ හැරී ටෙක්ටර් පන්දු 34 කින් නොදැවී ලබා ගත් ලකුණු 56 න් සවිමත් වෙමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක පෝල් ස්ටර්ලින්ග් ලකුණු 25 ක් හා ඇන්ඩි බල්බර්නි ලකුණු 22 ක් රැස් කළ අතර, රෂීඩ්ට අමතරව පන්දු යැවීමේ දී Nangeyalia Kharote ලකුණු 16 කට කඩුලු 2ක් දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන පිළිතුරු ඉනිම ලකුණු 111 කට සීමා වුණේ පන්දුවාර 18.4 ක් තුළදීයි. මොහමඩ් ඉෂක් ලකුණු 32 ක් හා මොහමඩ් නබී ලකුණු 25 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බෙන් වයිට් ලකුණු 20 කට කඩුලු 4ක් බිද හෙලූ අතර, ජොෂ් ලිට්ල් ලකුණු 18 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...