බැංගලෝරය පරදා දිල්ලියට ලකුණු 59ක දැවැන්ත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අද(5) පැවැති තරගාවලියේ 19 වැනි තරගයෙන් ඔවුන් ලකුණු 59ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගය ජය ගැනීම සදහා දිල්ලි කණ්ඩායම විසින් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක් ලබා දුන් නමුත්, බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාට් කෝලි ලකුණු 43කට දැවී ගියා.

ඔහු මෙම තරගයේ දී වාර්තා අතරට එක් වූයේ 20යි 20 තරග පිටියේ ලකුණු 9000 සීමාව පසු කළ පළමු ඉන්දීය පිතිකරුවා වෙමින්.

අයි.පී.එල් තරග පිටියේ දී පළමු වරට පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව මෙම තරගයේ දී ඉසුරු උදානට හිමි වූ නමුත් ඔහු රැස් කළේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී දිල්ලි පිල වෙනුවෙන් ලකුණු 24කට කඩුලු 4ක් බිද හෙලීමට කාගිසෝ රබාඩා සමත් වුණා.

ආක්සා පටෙල් ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තේ මර්කස් ස්ටොයිනිස් පන්දු 26කින් නොදැවී ලබාගත් වේගවත් ලකුණු 53න් ශක්තිමත් වෙමින්.

ප්‍රිත්වි ෂෝ ලකුණු 42ක්, ශිකර් දවාන් ලකුණු 32ක් ලබා ගත් අතර, රිෂාබ් පාන්ට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37ක්.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් බිද හෙලූ අතර, ඉසුරු උදාන ලකුණු 40කට එක් කඩුල්ලක් බිද හෙලුවා.(ඉසුරු දවා ගත් කඩුල්ල මෙතනින් නරඹන්න)

මෙම ජයග්‍රහනයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණේ මෙතෙක් ක්‍රීඩා කර ඇති තරග 5න් තරග 4ක් ජය ගනිමින්.

බැංගලෝර් කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

තරගයේ විශේෂ අවස්ථා මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...