බුවනේෂ්වර් කුමාර් IPL තරගාවලියෙන් ඉවතට

Date:

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි සියලු තරග අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු පසුගියදා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ගොදුරු වූ පාදයක ආබාධය හේතුවෙන්.

මීට පෙර සන්රයිසස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද පාදයක ආබාධයකට ගොදුරු වූ අතර, ඔහුටද තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

මෙවර තරගාවලිය යටතේ සන්රයිසස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී මිචෙල් මාෂ් එම ආබාධයට මුහුණ දුන්නා.

ඔහු වෙනුවට කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සංචිතයට කැදවීමටයි කණ්ඩායම් කළමණකාරීත්වය පියවර ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...