අශ්වින්ගෙන් ෆින්ච්ට “මැන්කාඩ්” අනතුරු ඇගවීමක්

Date:

පසුගිය වසරේ දී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දැරූ දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එම වසරේ දී බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ බව ඔබට මතක ඇති.

ඒ, පසුගිය වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු විසින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු ජොස් බට්ලර් මැන්කාඩ් ක්‍රමය යටතේ දවා ගැනීම හේතුවෙන්.

මැන්කාඩ් ක්‍රමය යනු පන්දු යවන අන්තයේ සිටින පිතිකරු පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පෙර සීමා ඉරෙන් ඉවත්ව සිටියහොත් එම අන්තයේ කඩුල්ල බිද හෙලා පිතිකරුවාව දවා ගන්නා ක්‍රමවේදයයි.

සාමාන්‍යයෙන් මැන්කාඩ් ක්‍රමය යටතේ පිතිකරුවෙකු දවා ගැනීමට පෙර ඔහුට අනතුරු ඇගවීමක් සිදු කිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සම්ප්‍රදායක්.

කෙසේ වෙතත්, බට්ලර් දවා ගැනීමට පෙර අශ්වින් එවැනි අනතුරු ඇගවීමක් ඔහුට සිදු නොකළ බවට චෝදනා එල්ල වුණා.

අශ්වින් එම තර්ක, චෝදනා ප්‍රතික්ෂේප කළත්, ඔහු කළ ක්‍රියාව අනුමත නොකරන බවයි බොහෝ පාර්ශව සදහන් කළේ.

වසර එකහමාරකට පමණ පසුව මෙම සිදු වීම මේ වන විට යළි කරලියට පැමිණ තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (5) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති තරගයේ දී මැන්කාඩ් ක්‍රමය යටතේ ආරෝන් ෆින්ච් දවා ගැනීමට අවධානය යොමු කිරීම හේතුවෙන්.

මෙවර තරගාවලියේ දී අශ්වින් ක්‍රීඩා කරන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

ආරෝන් ෆින්ච් ඉතා පැහැදිලිවම පන්දු යවන්නා පන්දුව යොමු කිරීමට පෙර සීමා ඉරෙන් ඉවතට යන අයුරු පුනරූපනවලින් ද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, එහිදී ආර්. අශ්වින් කඩුල්ල බිද දැමීමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ඔහුට අනතුරු ඇගවීමක් සිදු කිරීමටයි කටයුතු කළේ.

ඊට අදාළ දර්ශන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...