මැතිව් වේඩ් රතු පන්දුව ගැන තීරණයක් ගනියි

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු මැතිව් වේඩ් පළමුපෙල ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා පර්ත් හී දී බටහිර ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන Sheffield Shield තරගාවලියේ අවසන් මහා තරගයේ දී තස්මේනියා කණ්ඩායම නියෝජනය කරන ඔහු එම තරගයෙන් පසුව රතු පන්දු පිටියට සමු දීමට නියමිතයි.

අවසන් තරගය ක්‍රීඩා කරන බැවින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණීම ද දින කිහිපයකින් ප්‍රමාද වනු ඇති.

36 හැවිරිදි ඔහු ඉදිරියේදීත් සුදු පන්දු තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, ජූනි මාසයේ දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ද ඔහු බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

හෝබාර්ට්හි උපත ලද වේඩ් Sheffield Shield ශූරතා 4ක් වික්ටෝරියා කණ්ඩායම සමග ජය ගත් අතර, ඉන් අවස්ථා දෙකකදී ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...