ලුන්ගි එන්ගිඩී වෙනුවට දිල්ලි කැපිටල්ස් පිල ආදේශක ක්‍රීඩකයෙකු නම් කරයි

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරුවෙකු වන Jake Fraser-McGurk සමග එළඹෙන අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩී වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන්.

මෙම වසර මුලදී ලුන්ගි එන්ගිඩී SA20 තරගාවලිය අතරතුර දී පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට මුහුණ දුන් අතර, ඔහු තවමත් ඉන් සම්පූර්ණ සුවය ලබා නැහැ.

Fraser-McGurk මෙවර ILT20 තරගාවලියේ දී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 3ක් ක්‍රීඩා කළා.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් යටතේයි ඔහු දිල්ලි පිල සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

ILT20 තරගාවලියේ දී Fraser-McGurk ඉනිම් තුනකදී ලකුණු 109 ක් රැස් කළ අතර, ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 213.72 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...