2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබයි

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබා ඇති බව ජගත් ක්‍රිකට් කවුන්ලය (අයි.සී.සී) අද (15) තහවුරු කළා.

ඒ, තරගාවලියේ සම සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන බැවින්. ශ්‍රී ලංකාවට අමතරව තරගාවලියේ සම සත්කාරක රටක් වන ඉන්දියාව ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.

අද පැවැති අයි.සී.සී රැස්වීමකදී 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තෝරා ගන්නා ක්‍රමවේදයට අනුමැතිය ලැබුණු බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

2024 අදියර මෙන්ම 2026 තරගාවලිය සදහා ද රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියට සෘජුව සුදුසුකම් ලබන රටවල් ගණන 12 ක්.

ඒ අනුව 2024 තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබන රටවල් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමගින් 2026 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙම වසරේ ජූනි 30 වැනිදා වන විට පවතින විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම පසුවන සෙසු රටවල් 2 හෝ 3 හෝ 4 ද (සත්කාරක රටවල් දෙක සුපිරි 8 වටයට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න මත එම රටවල් ගණන තීරණය වනු ඇති) 2026 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ඉතිරි රටවල් 8 තෝරා ගනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි හරහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...