Watch : වනිදුට හයක් ගහන්න ගිය මහ්මුදුල්ලාහ් බින්දුවෙන්ම ක්‍රීඩාගාරයට

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ පිතිකරු මහ්මුදුල්ලාහ් ලකුණු බින්දුවකට දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(15) සමත් වුණා.

චිතගොංහි පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි ඔහු දැවී ගියේ.

පළමු තරගයේ දී මහ්මුදුල්ලාහ් විසින් හසරංග යොමු කළ දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ද ඔහු සීමාවෙන් ඉදිරියට පැන එවැනිම පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවටයි.

කෙසේ වෙතත්, පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ඇදී ආ අතර, අනතුරුව මහ්මුදුල්ලාහ් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට ඔහු සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...