රෂීඩ් ඛාන් මාස ගණනාවකට පසු ජාතික සංචිතයට

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා. සංචිතය සදහා නිත්‍ය නායක රෂීඩ් ඛාන් යළි කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකින් පසු වූ අතර, අනතුරුව ඔහු ශල්‍යකර්මයකට ද මුහුණ දී තිබුණා.

ඒ හේතුවෙන් රෂීඩ් ඛාන්ට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව බිග් බෑෂ් ලීග්, SA20 තරගාවලි මෙන්ම එක්සත් අරාමි එමීර් රාජ්‍යයට, ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලි ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

එමෙන්ම අයර්ලන්තයට එරෙහි ටෙස්ට් හා එක්දින තරග ද ඔහු ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර, ආබාධයකට ලක්ව සිටි දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් ද විස්සයි 20 සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය අද(15) සාජා හී දී ආරම්භ වනවා.

Afghanistan squad for Ireland T20Is –

Rashid Khan (c), Ibrahim Zadran, Rahmanullah Gurbaz (wk), Sediqullah Atal, Ijaz Ahmad Ahmadzai, Mohammad Ishaq (wk), Mohammad Nabi, Nangeyalia Kharote, Azmatullah Omarzai, Noor Ahmad, Mujeeb Ur Rahman, Wafadar Momand, Fareed Ahmad, Naveen-ul-Haq, Fazalhaq Farooqi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...