ශන්තෝගේ ශතකය හා 5 වැනි කඩුල්ලේ 165* ක සම්බන්ධය හමුවේ ශ්‍රී ලංකාව පරදියි

Date:

ලකුණු 23 කට කඩුලු 3ක් දැවී ගිය පසුබිමක නායක නජ්මුල් හොසේන් ශන්තෝ වාර්තා කළ අනර්ඝ ශතකය හමුවේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(13) සමත් වුණා.

චිතගොං හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීම බංග්ලාදේශයට වාසි සහගත වූයේ තරගයට රාත්‍රී කාලයේ දී පින්නෙන් ද බලපෑම් එල්ල වූ බැවින්.

ඒ අනුව නව පන්දුවෙන් හොදින් පන්දු යවනු ලැබූ නමුත්, බංග්ලාදේශයට ලබා දුන් ලකුණු 256 ක ඉලක්කය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ.

ශන්තෝ පන්දු 129 කින් නොදැවී ලකුණු 122 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් සමගින්. මෙය ඔහු වාර්තා කළ ‌තෙවැනි එක්දින ශතකයයි. මහ්මුදුල්ලාහ් ලකුණු 37 ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73(84) ක් ලබා ගනිමින් ඔහුට අනර්ඝ සහායක් ලබා දුන්නා.

4 වැනි කඩුල්ල ලකුණු 92 දී බිද වැටුණු පසුබිමක 5 වැනි කඩුල්ල සදහා ශන්තෝ හා රහීම් නොබිදුණු ලකුණු 165(175) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් පන්දුවාර 44.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් දවා ගත් අතර, ප්‍රමෝද් මදුෂාන් හා ලහිරු කුමාර කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 71 ක්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33 ක් රැස් කළ අතර, පැතුම් නිස්සංක ලකුණු ලකුණු 36 කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 3 යි. ‌තෙවැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 84 ක් ලෙස සටහන්ව තිබියදීයි.

චරිත් අසලංක ලකුණු 18 ක් රැස් කළා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළ අතර, ජනිත් ලියනගේ ලකුණු 67 ක් ලබා ගත්තා. වනිදු හසරංග ලකුණු 13 යි.

පන්දුවාර 40 ක් අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර, ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාවට ළගා වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළා. නමුත්, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු පහ ලකුණු 34 ක් තුළ බිද වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අවස්ථාව අහිමි වී ගියා.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහ්මඩ් හා ටන්සින් හසාන් සකිබ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...