පාන්ට් ගැන අලුත් බලාපොරොත්තුවක්

Date:

ඉන්දීය කඩුලු රකින පිතිකරුවෙකු වන රිෂාබ් පාන්ට්ට කඩුලු රැකීමේ කාර්යය ඉදිරියේදීත්  සිදු කළ හැකිනම් එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් පවසනවා.

2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සිදු වූ දරුණු රිය අනතුරෙන් පසුව පාන්ට් මේ දක්වා කිසිදු වෘත්තීමය ක්‍රිකට් තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

කෙසේ වෙතත්, ඔහු මෙම මාසයේ දී ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යළි තරග බිමට පිවිසීමට සූදානමින් පසුවනවා.

“ඔහු හොදින් පිතිකරණයේ නිරත වනවා, ඔහු හොදින් කඩුලු රකිනවා. අපි ඉක්මණින්ම ඔහු සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බව නිවේදනය කරනවා.” යනුවෙන් ජේ ශාහ් PTI පුවත් සේවය වෙත සදහන් කළා.

“ඔහුට පුලුවන්නම් විස්සයි 20 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න අපි වෙනුවෙන්, එය ලොකු දෙයක් වේවි අපිට‍. ඔහු අපිට විශාල සම්පතක්. ඔහුට පුලුවන්නම් කඩුලු රකින්න, ඔහුට පුලුවන් ලෝක කුසලානය ක්‍රීඩා කරන්න. අපි බලමු ඔහු IPL තරගාවලියේ දී ක්‍රීඩා කරන හැටි.”

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රිෂාබ් පාන්ට් ක්‍රිකට් පිටියට යළි පිවිසීමට නියමිතව සිටින්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය ද යළි භාර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...