ජේසන් රෝයි වෙනුවට ආදේශක පිතිකරුවෙකු KKR නිවේදනය කරයි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත පිතිකරු ජේසන් රෝයි වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට කටයුතු කර තිබෙනවා.

ජේසන් රෝයි එළඹෙන අයි.පී.එල් තරග වාරය සදහා පෞද්ගලික හේතුවක් මත ක්‍රීඩා නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට එංගලන්ත පිතිකරු පිල් සෝල්ට් KKR සංචිතයට ආදේශ කර ඇති බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා.

පිල් සෝල්ට් පසුගිය අදියරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ නමුත්, මෙවර තරගාවලිය සදහා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

ඔහු වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මිලකට ලියාපදිංචි වී සිටි අතර, එම මුදලටම ඔහු සමග කොල්කටා කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා. එළඹෙන තරගාවලිය පිල් සෝල්ට් ක්‍රීඩා කරන ඔහුගේ දෙවැනි අයි.පී.එල් අදියර වනු ඇති.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඔහු කොදෙව්වන්ට එරෙහිව පිට පිට තරග දෙකකදී විස්සයි 20 ජාත්‍යන්තර ශතක දෙකක් වාර්තා කරමින් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

කොදෙව්වන්ට එරෙහි සිව්වැනි තරගයේ දී ඔහු පන්දු 48 කින් වාර්තා කළ ශතකය එංගලන්තය වෙනුවෙන් විස්සයි 20 තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සම වේගවත්ම ශතකය ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...