Day 3 Report : නවසීලන්තය ජයග්‍රහනයට කඩුලු හයක් පිටුපසින්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු නවසීලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 279 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 77 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාව තවත් ලකුණු 202 ක් රැස් කළ යුතු අතර, නවසීලන්තය තරගය ජය ගැනීමටනම් කඩුලු හයක් දවා ගත යුතුයි.

ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 17 ක් හා මිචෙල් මාෂ් නොදැවී ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී බෙන් සියර්ස් හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවා ගත්තා.

ක්‍රයිස්චර්ච් හි පැවැති තරගයේ තෙවැනි දිනය අද ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 372 ක්.

රචින් රවීන්ද්‍ර ලකුණු 82 ක්, ටොම් ලේතම් ලකුණු 73 ක්, ඩැරල් මිචෙල් ලකුණු 58 ක් හා කේන් විලියම්සන් ලකුණු 51 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4 ක් දවා ගත් අතර, නේදන් ලයන් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 162 ක් පමණයි. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 256 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...