Watch : ටෙස්ට් කඩුලු 700 ක් දවා ගත් පළමු වේග පන්දු යවන්නා බවට ඇන්ඩර්සන් පත් වූ අවස්ථාව

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද (9) සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා.

ඒ, ඉන්දියාව සමග ධරම්සාලා හී දී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

ඉන්දීය පළමු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස කුල්දීප් යාදව් ලකුණු 30 කට දවා ගනිමින් ඇන්ඩර්සන් මෙම කඩඉමට ළගා වුණා.

ඔහු ඉතිහාසගත වූයේ ටෙස්ට් කඩුලු 700 ක් දවා ගත් ඉතිහාසයේ පළමු වේග පන්දු යවන්නා ලෙසයි.

එමෙන්ම කඩුලු 700 ක් දවා ගත් ටෙස්ට් ඉතිහාසයේ තෙවැනි පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

මීට පෙර ටෙස්ට් කඩුලු 700 ක් බිද හෙලූ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන් (කඩුලු 800) හා ශේන් වෝර්න් (708) පමණයි.

ඇන්ඩර්සන් මේ වන විට ක්‍රීඩා කරන්නේ සිය 187 වැනි ටෙස්ට් තරගයයි.  2003 වසරේ මැයි මාසයේ ජාත්‍යන්තර පිටියට පිවිසි ඔහු මේ වන විට වසර 21 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...