Watch : SUPERMAN! ග්ලේන් පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි අති විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (9) දින‍යේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් සමත් වුණා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස මර්නස් ලබුෂේන් ලකුණු 90කට දවා ගැනීම සදහායි ඔහු මෙම අති විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

Gully කලාපයේ පන්දු රකිමින් සිටි පිලිප්ස් උඩු ගුවනේ පාවෙමින් සිය දකුණු අත පමණක් භාවිතා කරමින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 256 කට සීමා කිරීමට ද මෙම අනර්ඝ උඩ පන්දුව හේතු වුණා. නවසීලන්තය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 162 ට පිළිතුරු වශයෙනුයි ඔස්ට්‍රේලියාව එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ.

තරගය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...