මතිෂ පතිරණ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙන් තෙවැනි විස්සයි 20 තරගය සදහා වන තේරීම් වෙනුවෙන් ඔහුව සලකා බැලීමට නොහැකි වී ඇති බවයි.

මතීෂ පතිරණ දෙවැනි විස්සයි 20 තරගයේ දී පන්දු යවමින් සිටියදී අදාළ ආබාධයට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහුට එම තරගයේ දී යොමු කිරීමට හැකි වූයේ පන්දුවාර 3.4 ක් පමණයි.

අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුට පළමු මට්ටමේ (Grade 1 hamstring injury) ආබාධයක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

“Matheesha Pathirana will not be available for selection for the 3rd T20I, as the player has sustained a Grade 1 hamstring injury on his left leg.

“Pathirana suffered the injury while bowling in the 2nd T20i game.”

මේ වන විට ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

අවසන් විස්සයි 20 තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...