අම්ලා සහ කෝලි අභිබවා යමින් ලෙනින් ඔස්ට්‍රේලියාවත් ලෝක වාර්තාවක් අභියසට රැගෙන යයි

Date:

ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් පිහිටු වූ නව ලෝක වාර්තාවක් සමගින් සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ. දෙරට අතර අද(5) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගාවලියේ පළමු තරගය ද ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට එක්දින ජාත්‍යන්තර පිටියේ අවසන් වරට ක්‍රීඩා කළ තරග 20ම ජය ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඔවුන් නවසීලන්තයට එරෙහි තෙවැනි එක්දින තරගය ද ජයග්‍රහනය කළහොත් එක්දින පිටියේ අඛණ්ඩව ජයග්‍රහන 21ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලයානු පිරිමි කණ්ඩායම මීට පෙර තබා තිබූ ලෝක වාර්තාව ද සම කිරිමට සමත් වනවා.

බ්‍රිස්බේන්හි අද(5) පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 9කට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

නායිකා Sophie Devine ලකුණු 79ක් සහ Amy Satterthwaite ලකුණු 69ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණූ 36කට කඩුලු 4ක් දවා ගැනීමට Jess Jonassen සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් තමන්ට හිමි වූ ලකුණු 253ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 45.1ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායිකා මැග් ලෙනින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේ පන්දු 96කට මුහුණ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින්.

ඇය වාර්තා අතරට එක් වූයේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ශතක 14ක් ලබා ගැනීම සදහා අඩුම ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ලෙසයි.

මීට පෙර දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සිය ශතක 14 වාර්තා කිරීම සදහා ඉනිම් 84ක් ක්‍රීඩා කර තිබූ නමුත් මැග් ලෙනින් ඒ සදහා ක්‍රීඩා කර ඇත්තේ ඉනිම් 82ක් පමණයි.

ශතක 14 ක් රැස් කිරීම සදහා ඩේවිඩ් වෝනර් ඉනිම් 98ක් ද, විරාට් කෝලි ඉනිම් 103ක් ද ක්‍රීඩා කර තිබුණා.

නවසීලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ Rachael Haynes ලකුණු 82ක් රැස් කිරීමට ද සමත් වුණා.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් Amelia Kerr ලකුණු 47කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...