මොරිස් අද තරගයට – ස්ථානය අහිමි වෙන්නේ ඉසුරුට ද ? – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගය අද(5) පැවැත්වෙනවා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායිහී දී ආරම්භ වනු ඇති.

ආබාධයකට ලක්ව සිටි ක්‍රිස් මොරිස් මෙම තරගය සදහා බොහෝ විට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව මීට පෙර පැවැති තරගවලදී එතරම් දක්ෂතා නොදැක් වූ දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට සිය ස්ථානය අහිමි වීමේ අවධානමක් අද තරගයේ දී මතුව ඇති බව සදහන්.

ඔහු ක්‍රීඩා කළ තරග දෙකේදී එක් කඩුල්ලක් පමණක් බිද හෙලූ අතර, පන්දුවාරයකට ප්‍රතිවාදීන්ට ලබා දී ඇති සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 11කට අධිකයි.

ඒ අනුව පෙර තරග දෙකේ දී කඩුලු 2 බැගින් බිද හෙලූ ඉසුරු උදානට අද තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවීමට වැඩි ඉඩක් පවතිනවා.

මේ වන විට බැංගලෝර් කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග 4න් 3ක් ජය ගනිමින්.

දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඔවුන් ද ක්‍රීඩා කළ තරග 4න් ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 3ක්.

අද තරගය සදහා ක්‍රීඩා කළ හැකි බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවැකි පල කර ඇති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පහතින් –

D Padikkal,  A Finch,  V Kohli (c),  de Villiers (wk), G Singh, S Dube, I Udana, W Sundar, C Morris, N Saini, Y Chahal

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...