කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දුවේ ලෝක වාර්තාව ඉස්මයිල් අලුත් කරයි

Date:

කාන්තා ක්‍රිකට් පිටියේ දී පන්දු යවන්නියක් පැයට කිලෝ මීටර් 130 කට වඩා වැඩි වේගයකින් පන්දුවක් යොමු කළ පළමු අවස්ථාව (වේගය මැන බැලීම ආරම්භ කිරීමෙන් පසුව) සනිටුහන් කරමින් ඉතිහාගත වීමට දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩිකා ශබ්නිම් ඉස්මයිල් සමත් වුණා.

ඊයේ (5) රාත්‍රියේ පැවැති 2024 කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ 12 වැනි තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි ඇය මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ඇය විසින් අදාළ තරගයේ තෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව පැයට කිලෝ මීටර් 132.1 ක වේගයකින් යොමු කරනු ලැබුවා.

ඉස්මයිල් විසින් මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ දී ද කැපිටල්ස් කණ්ඩායමටම එරෙහිව පැයට කිලෝ මීටර් 128.3 ක වේගයෙන් යුතු පන්දුවක් යොමු කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද වේගවත්ම පන්දුව යොමු කිරීමේ වාර්තාව හිමිව ඇත්තේ ඇයටයි. ඇය 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී පැයට කිලෝ මීටර් 128 ක වේගයකින් යුතු පන්දුවක් යොමු කර තිබුණා.

දිල්ලි හී දී ඊයේ පැවැති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 29 ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 192 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...