පාකිස්තාන ක්‍රීඩකයින්ට හමුදාවෙන් දින 10 ක පුහුණුවක්

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා දින 10ක පුහුණු කදවුරක් එරට හමුදාවේ මැදිහත් වීමෙන් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඉස්ලාමාබාද් හි හෝටලයකදී ක්‍රීඩකයින් පිරිසක් අමතමින් එරට ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi මේ බව අනාවරණය කළා.

මෙම කදවුරු පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අවසන් වී සතියකින් පමණ ආරම්භ වනු ඇති. ඒ අනුව මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා පුහුණු කදවුර පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමකට රැගෙන ඒමේ අරමුණ ඇතිව මෙම පුහුණු කදවුර සැලසුම් කර තිබෙනවා.

“මම ලාහෝර්හි තරග නරඹන විට, මම හිතන්නේ නෑ ඔබෙන් එක් අයෙකුවත් ක්‍රීඩාගාරයට යන්න හයේ පහරක් එල්ල කරා කියලා. ඒ වගේ හයේ පහරක් වැදුණු හැම වෙලාවකම මම හිතුවේ පිටරට ක්‍රීඩකයෙක් එහෙම ගහන්න ඇති කියලා. සෑම ක්‍රීඩකයෙකුගේම යෝග්‍යතාවය වේගවත් කරන සැලැස්මක් සකස් කරන ලෙස මම ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා ඔබ නිසි උත්සාහයක් දැරිය යුතුයි.” යනුවෙන් සභාපතිවරයා කියා සිටියා.

මීට වසර කිහිපයකට පෙර ද පාකිස්තාන කණ්ඩායම සදහා හමුදාවේ මැදිහත් වීමෙන් පුහුණු කදවුරක් පවත්වනු ලැබුවා.

මේ අතර, ක්‍රීඩකයින් ලීග් තරගාවලියන්ට වඩා පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මුල් තැන දිය යුතු බව ද සිහිපත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී අමතක කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...