උඩ පන්දු 100ක් රැක ගනිමින් දෝනි ඉතිහාසගත වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවීමට ඊයේ(4) සමත් වුණා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

එහිදී කේ.එල් රාහුල්ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔහු රැක ගත් උඩ පන්දුව ඉතිහාසගත වූයේ අයි.පී.එල් තරග ඉතිහාසයේ දී කඩුලු රකින්නෙකු ලෙස ඔහු රැක ගත් 100 වැනි උඩ පන්දුව ලෙසයි.

මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් එම කඩඉම පසු කර තිබූ අතර, ඒ අනුව දෝනි ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරග පිටියේ කඩුලු රකින්නෙකු ලෙස උඩ පන්දු 100ක් රැකගත් දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

උඩ පන්දුවලට අමතරට ඔහු ස්ටම්ප් කිරීම් 39කින් ද පිතිකරුවන් දවා ගැනීමට අයි.පී.එල් තරග ඉතිහාසයේ දී සමත් වී තිබෙනවා.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනි වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට කඩුලු රකින්නෙකු ලෙස දායකත්වය දක්වා ඇති ක්‍රීඩකයා ලෙසයි සැලකෙන්නේ.(139)

ඔහු තම සිය වැනි උඩ පන්දුව රැක ගත් අයුරු මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...