Watch : මන්රෝගේ උපදෙස් පිළිපදිමින් ළමයෙකු රැක ගත් අනර්ඝ උඩ පන්දුව

Date:

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ඊයේ රාත්‍රියේ දී රාවල්පින්ඩි හී දී පැවැත්වුණා. ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ යුනයිටඩ් කණ්ඩායමේ කොලින් මන්රෝ විසින් හතරේ සීමාවෙන් පිටත පන්දු රකිමින් සිටි ළමයෙකුට උඩ පන්දු රැක ගැනීම සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස් කිහිපයකින් පසුව එම ළමයා විසින් සාර්ථක උඩ පන්දුවක් රැක ගැනීමේ සිද්ධියයි.

තරගයේ එක් අවස්ථාවකදී අදාළ ළමයා විසින් හතරේ සීමාවෙන් පිටත සිට උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කළ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

අනතුරුව කොලින් මන්රෝ විසින් ඔහුට යම් උපදෙස් කිහිපයක් ලබා දෙනු ලැබුවා.

පසුව යළිත් පිතිකරුවෙකු එල්ල කළ හයේ පහරකින් පසුව ඉහළින් ඇදී ආ උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට එම ළමයාට හැකි වුණා.

අනතුරුව එම උඩ පන්දු රැක ගැනීම කොලින් මන්රෝ සමග සැමරීමට ද එම ළමයා අමතක කළේ නැහැ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...