චහාර්, කිෂාන් සහ ජඩේජා රැක ගත් සුපිරි උඩ පන්දු මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් ඊයේ(4) පැවැති අතර, එහිදී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් ජය වාර්තා කළා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් යන කණ්ඩායම්.

මෙම තරග ද්විත්වයේ දී ම සුපිරි උඩ පන්දු රැක ගැනීම් කිහිපයක් රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමේ අවස්ථාව උදා වුණා.

පළමු සුපිරි උඩ පන්දුව වාර්තා වුණේ මුම්බායි – හයිදරාබාද් තරගයේ දී යි.

ඒ, ඉෂාන් කිෂාන්ගේ කඩුල්ල දවා ගැනීමට මනීෂ් පාන්ඩේ රැක ගත් උඩ පන්දුවයි.(එම උඩපන්දුවේ දර්ශන මෙතනින්)

එම තරගයේ දී ම මුම්බායි පිලේ ඉෂාන් කිෂාන් ද ඩේවිඩ් වෝනර් දවා ගැනීම සදහා සුපිරි උඩ පන්දුවක් රැක ගත්තා.(දර්ශන මෙතනින්)

අදාළ තරගයේ දී රාහුල් චහාර් ද විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ හයේ සීමාව ආසන්නයේදීමයි.(දර්ශන මෙතනින්)

ඊට අමතරව තවත් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් චෙන්නායි – පන්ජාබ් තරගයේ දී වාර්තා වුණා.

චෙන්නායි කණ්ඩායමේ රවීන්ද්‍ර ජඩේජා එම උඩ පන්දුව රැක ගත්තේ නිකලස් පූරාන්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි.(දර්ශන මෙතනින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...