වොට්සන් 83*, ෆෆ් 87* – චෙන්නායි පිලට කඩුලු 10ක වාර්තාගත ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 18 වන තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායිහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට ලකුණු 179ක ඉලක්කයක් ලබා දීමට පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

නායක කේ.එල් රාහුල්ගේ ලකුණු 63න් සහ නිකලස් පූරාන්ගේ ලකුණු 33න් ශක්තිමත් වූ පන්ජාබ් ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ දී සටහන් වුණේ කඩුලු 4කට ලකුණු 178ක් ලෙසයි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 39කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම වාර්තාගත ජයක් හිමි කර ගත්තේ පන්දුවාර 17.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ශේන් වොට්සන් පන්දු 53කින් නොදැවී ලකුණු 83ක් සහ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 53කින් නොදැවී ලකුණු 87ක් රැස් කළා.

මෙය අයි.පී.එල් තරග ඉතිහාසයේ කණ්ඩායමක් කඩුලු 10කින් තරගයක් ජය ගැනීමේ දී වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

මෙම තරග ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටි චෙන්නායි කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

කිංගස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වන විට එහි පසුවනනේ අවසන් ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...