ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ T20 සංචිතයට වෙනසක්

Date:

කඩුලු රකින පිතිකරුවෙකු වන Jaker Ali Anik ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ පන්දුවාර විස්සයි 20 සංචිතය සදහා ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වූ දග පන්දු යවන ක්‍රීඩක Aliss Al Islam වෙනුවටයි.

පසුගිය 19 වැනිදා Sylhet Sixers කණ්ඩායමට එරෙහිව පැවැති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි ඔහුගේ ඇගිල්ලක ආබාධයක් සිදු වුණේ.

එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීම සදහා ඔහුට සති දෙකක හෝ තුනක පමණ කාලයක් ගත වනු ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

27 හැවිරිදි Aliss Al Islam මෙතෙක් බංග්ලාදේශය වෙනුවෙන් කිසිදු තරග රටාවකින් ජාත්‍යන්තර වරම් දිනා නැහැ.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ 26 හැවිරිදි Jaker Ali Anik මෙවර BPL තරගාවලියේ දී Comilla Victorians කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 199 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 99.5 ක් හා ප්‍රහාරාත්මක වේගය 141 ක් ලෙස සටහන් කර ගනිමින්.

සංචිතය තුළ ප්‍රමාණවත් දග පන්දු යවන්නන් රැදී සිටින බැවින් දග පන්දු යවන්නෙකු වෙනුවට කඩුලු රකින පිතිකරුවෙකු මෙලෙස ආදේශ කළ බවයි බංග්ලාදේශ තේරීම් කමිටු සභාපති Gazi Ashraf Hossain පැවසුවේ.

විස්සයි 20 තරගාවලිය සිල්හෙට් හී දී එළඹෙන 4, 6 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...