ඩේල් ස්ටේන් වෙනුවට සන්රයිසස් කණ්ඩායමට නව වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙක්

Date:

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස 2024 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ඩේල් ස්ටේන් පෞද්ගලික හේතුවක් මත මෙවර අදියරෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

2022 වසරේ දී යි ඔහුව සන්රයිසස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කෙරුණේ.

ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 2011 හා 2012 වසරවලදී අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, මෙය ඔහු අයි.පී.එල් තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කරන පළමු අවස්ථාවයි.

සන්රයිසස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එළඹෙන තරග වාරයේ දී කටයුතු කරන්නේ ඩැනියල් විටෝරි.

ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් හා ඩැනියල් විටෝරි මීට පෙර Middlesex හා Birmingham Phoenix යන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස එක්ව කටයුතු කර තිබූ අතර, ෆ්‍රෑන්ක්ලින් Durham කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.

මේ වන විට Islamabad United කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී කටයුතු කරනවා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...